මෙම ගොවිපල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරන ලද අතර පසුව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරන ලදී. 1992 වර්ෂයේදී මෙම ගොවිපළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා ගන්නා ලදී. ගොවිපළ පවරා ගන්නා අවස්ථාවේදී කිරි නිෂ්පාදනය කිරීමට සහ ගොවීන්ට අභිජනනය සදහා සතුන් නිකුත් කිරීම සදහා හොල්ස්ටයින් ෆ්‍රීසියන් සහ ෂෝර්ට් හෝන් දෙමුහුම් සතුන් නඩත්තු කරන ලදී.
2013 වසරේ කිරි ගවයින් ආනයනය කිරීම වැඩසටහන යටතේ ගොවිපළ නවීකරණය කර ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ෆ්‍රීෂියන් හා ජර්සි X ෆ්‍රීෂියන් දෙමුහුම් වර්ගවල කිරි ගවයින් 247ක් නඩත්තු කරන ලදී.
මෙම ගොවිපල මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර් 1676 ක උන්නතාංශයක පිහිටා ඇත. පසෙහි pH අගය 4.5 සිට 5.5 දක්වා වෙනස් වේ. සාමාන්‍ය වර්ෂාපතනය 2500mm සිට 3800mm දක්වා සහ වැසි දින 200 සිට 250 දක්වා වෙනස් වේ. මාසික සාමාන්‍යා උෂ්ණත්වය 18ºC සිට 28ºC දක්වා අතර සහ අවම උෂ්ණත්වය 8ºC සිට 15ºC දක්වා වෙනස් වේ . පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්‍රී තුහින බහුලව දක්නට ලැබේ. ආර්ද්‍රතාවය 75%-85% වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා දරුණු සුළං කුණාටු සහ මීදුම සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක.
• නවීන තාක්ෂණයෙන් යුත් කිරි නිෂ්පාදන ගොවිපලක් පවත්වාගෙන යාම.
• නුමුහුම් ජර්සි වර්ගයේ ගව ප්‍රභේදය නඩත්තු කිරීම සහ ගොවීන්ට අභිජනනය සදහා සතුන් නිකුත් කිරීම.
• කිරිගව කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහන් පැවැත්වීම.
• උපාධි අපේක්ෂකයින්ට / ඩිප්ලෝමාධාරීන්ට ගොවිපල අභ්‍යන්තර පුහුණුව සඳහා පහසුකම් සැපයීම.